moon-dubai-project

එක්සත් අරාබි එමීරය සිය සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අරමුණින් නවතම ව්‍යාපෘතියක් වෙත අතගසා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දැනටමත් ලොව උසම ගොඩනැගිල්ල වන බ්රාජ් කලීෆා ගොඩනැගිල්ල පිහිටි - ඩුබායි නගරය ඉදිරියේදී චන්ද්‍රයාගේ පෙනුම ගත් නවාතැන් පොළක් (resort) ඉදිකිරීමට සැලසුම වී තිබේ.පසුගියදා මේ පිළිබඳව කරුණු පළමුවරට අනාවරණය කෙරුණු අතර,

කැනඩාවී මුන් වඩි රිසෝටිස් ඉන්කෝපර්ෂත් නම් ගෘහනිර්මාණ ශිල්පීසමාගම මෙය ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති සමාගමයි. එහි සම නිර්මාතෘවරුන් දෙපළක් වන සන්ඩු පී. මැතිව්ස් සහ මයිකල් ආර්. හෙන්ඩර්සන් මේ සලසුම ඉදිරිපත් කර තිබේ. ඔවුන් මෙම ඉදිකිරීම Moon Dubai ලෙස හඳුන්වාදී තිබේ. එසේම ව්‍යාපෘතිය සඳහා වන සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක් යලස ගණන් බලා ඇත. මාස 48ක් ඇතුළතදී මෙම රිසෝට්ව පෘතිය ඉදිකර අවසන් කිරීම අපේක්ෂාව බව පවසයි.



චන්ද්‍රයාගේ හැඩය සහිත දැවැන්ත ගෝලයක් ලෙස ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය උස අඩි 735ක් නොහොත් මීටර් 224කි. මෙම Moon Dubai ඉදිකිරීමත් සමග එය එක්සත් අරාබි එමීරයේ ආගත්තුක සත්කාර, විනෝදාස්වාදන, ආකර්ෂණය, අධ්‍යාපනය, තාක්ෂණය, පරිසරය මෙන්ම අභ්‍යවකාශ සංචාරක කර්මාත්තය යනාදී ක්ෂේස්ත ගනාවක් වෙතම ඇතුළු වනු ඇතැයි මෙම යෝජනාවේ සම නිර්මාතෘවරයෙකු වන මයිකල් ආර්. හෙන්ඩර්සන් පවසයි. "මේ Moon Dubai ව්‍යාපෘතිය මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු( MENA) කලාපය තුළ මත කාලයේදී සිදුකරන  විශාලතම, වඩාත් සාර්ථකම සහ වඩාත් නවීනතම සංචාරක ව්‍යාපෘතිය බවට පත්වේවි. ඒ හරහා ඩුබායි වෙත සිදු කර වාර්ෂික සංචාරක පැමිණීම් දෙගුණියක් බවට පත්වේවි.

ඒ වගේම මේ හරහා ඩුබායිහි සන්නාමය පිළිබදව ලෝකයාටම දැනුවත් කිරීමට වගේම මේ හරහා සුවිශේෂී දේ සංචාරකයන්ට පිරිනමන්ට හැකියාව ලැබේවි.” යනුවෙන් ඔහු පවසයි. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන දැවැන්ත චන්ද්‍රයාගේ හැඩය ගත් ගෝලයට යටින් Lunar Colony නමින් හැදින්වෙන ප්‍රදේශයයි. වැඩ අවසන් කිරීමෙන් අනතුරුව එහි වසරකට සංචාරකයන් ලක්ම 25කට නවාතැන් පහසුකම් සැලසීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි. "Moon Dubai ameasa 50 එක්සත් අරාබි එමීරයේ සංචාරක, ප්‍රවාහන, වාණිජ සහ මාසික දේපළ වෙළදාම්. යටිතල පහසුකම්, මූල්‍ය සේවා,ගුවන්සේවා සහ අභ්‍යාවකාශ, බලශක්තිය, සමුළු සහ සම්මන්ත්‍රණ, කෘෂිකාර්මිම්ක, තාක්ෂණිකවම අධයාපනය කියන සෑම ආර්ථික කාරණාවක් වතම කැපීපෙනෙන බලපෑමක් ඇති කරාවී." හන්ඩර්සන් තවදුරටත් සදහන් කර සිටියි.



මෙහිදී Sky Villas නමින් හැදින්වෙන සුඛෝපභෝගී පෞද්ගලික නේවාසික ඉදිකිරීම් 300 මම Moon Dubai වෙත එක් කිරිම සැලසුම වී තිබේ. මේවා සියල්ලම ගනුදෙනුකරුවන් සඳහා මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන අතර, එම හිම්කරුවන් සියලු දෙනාම Moon Dubaiසමාජයේ සුවිශේෂි සාමාජිකයන් බවට පත්වෙයි.විශේෂයෙන්ම ඉදිරි අනාගත අභ්‍යවකාශ ගවේෂණයේදී එක්සත් අරාබි එමීරයේ ධජය ඉදිරියම තැබීමත් මෙම Moon Dubai වපාතියේතවත් එක් අරමුණක් වී තිබේ. ඒ අනුව මෙම ඉදිකිරීම තුළ ලෝකයේ දැනට ක්‍රියාත්මක අතවකාශ ආයතන සහ ඔවුන්ගේ ගගනගාමීන් වෙත නවාතැන් පහසුකම් මෙන්ම පුහුණුවේදිකාවක් සදහා අවස්ථාව සලසා දීමත් සැලසුම් අතර පවතී.

එක්සත් අරාබි එමීරය දැනටමත් මදපෙරදිග කලාපය තුළ අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රමුඛයෙකු බවට පත්වෙමින් සිටින අතර, වසරකට පෙරාතුව ඔවුන් සාර්ථක ලෙස සිය චන්ද්‍රිකාවක් අගහරු ග්‍රහයා වත යැවීමටද සමත් විය. එසේම ඉදිරියේදීද එරට අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 820ක් යොදවන බවත් අනාවරණය කර තිබේ. එහිදී මූලිකවම චන්ද්‍රිකා නිෂ්පාදනය වෙනුවෙන්ද එමීරය යොමුවන බව ප්‍රකාශ කෙරේ ඇත. විශේෂෙයන්ම දේශීය සහ ජාත්‍යන්තර සමාගම් සමගින් එක්ව එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාව වී ඇත.