
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (16 වැනිදා) නියෝග කළේය.
2019.04.21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ ජේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කර තිබූ නඩුවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෛත්‍රිපාල සිරිසේන මහතා එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර එම නොතිසිය නිකුත් කළේය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ශවින්ද්‍රි අර්සකුලරත්න, පුන්සි ගමගේ, තිලිණ පුංචිහේවා, උදාර මුහන්දිරම්ගේ, එරංග යකන්දාවල සහ සෙනාලි ප්‍රනාන්දු යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රිසෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval