
ගෘහස්ථ ගස් සිලින්ඩර මිල අද (05දා) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් අඩු කළ බව ලීටෝ සමාගම පවසයි.
ඒ අනුව කිලෝ ග්‍රැම් 12.5 රුපියල් 113 කින් අඩු කර ඇති අතර නව මිල 4551 කි.
කිලෝ ග්‍රෑම් 5 රුපියල් 45 කින් අඩු කර ඇති අතර නව මිල 1827 කි. කිලෝග්‍රෑම් 2.3 රුපියල් 21 කින් අඩුකර ඇති අතර නව මිල848 කි.
එම මිල සංශෝධනය ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව පසුගියදා හඳුන්වාදුන් මිල සූත්‍රයට අනුව සිදුකළ බව ලීටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. මේ අතර ගෙවුණු මාස 02ක තුළ ලිටෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය කර ඇති බවත්,
ගෙවුණු අගෝස්තු මාසයේ පමණක් ලිටෝ සමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික වන බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම වෙනත් රටක සිටින පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙක් සඳහා ඩොලර් ගෙවා ගෑස් සිලින්ඩර මිලට ගැනීමට හැකි ක්‍රමයක් එළඹෙන සතියේ හඳුන්වා දීමට නියමිත බවත් සභාපතිවරයා පවසා සිටියේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මුදිත පීරිස් මහතා, "ලෝක වෙළෙඳ පොළේ මිල සංශෝධනයට සාපේක්ෂව අපි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට එම මිල සංශෝධනය ක්‍රියාත්මක වෙනවා. එය සිදු කරන්නේ අපි හඳුන්වා දුන්න මිල සූත්‍රයට අනුවයි. ඒ වගේම අපි ලබන සතියේ ඉඳලා එකක් හඳුන්වා දෙනවා පිටරට ඉන්න අයට. ඒ කියන්නේ ලංකාවේ ඉන්න දෙන්නෙක්ගේ යාළුවෙක්, දෙමාපියන් වෙන්න පුළුවන් නෑදෑ හිතමිතුරන් වෙන්න පුළුවන්.
ඕන කෙනෙක්ට මෙහේ ඉන්න කෙනා වෙනුවෙන් තමන්ගේ මාසික අවශතාවට සරිලන ගෑස් සිලින්ඩරය එහේ ඉඳලා ඇප් එකක් හරහා ඩොලර්වලින් ගෙවීමක් කරලා ඉතාමත් සුළු මුදලක්, එහේ විදියට ඩොලර් 15ක්, 16ක් වගේ මුදලකට සමහර විට ඊට වඩා අඩුත් වෙයි විනිමය අනුපාතිකය අනුව, ඒ වගේ මුදලක් ගෙවලා මෙහේ ඉන්න එක්කෙනා වෙනුවෙන් ඒ සිලින්ඩරය ඇණවුම් කරන්න පුළුවන්.කෙනාගේ ළඟම ඩීලර් පොයින්ට් එකේ අපි ඒක සුරක්ෂිතව තියෙනවා. ඒක ගෙදරටම ඩිලිවර් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ලැබෙන මුදල වෙන කිසිම දේකට අපි ආයෝජනය කරන්නේ නෑ ගෑස් මිලදී ගැනීම හැරුණු විට” යනුවෙන් ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval