
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට අයත් කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු එහි කාමරයක තිබූ ඇමෙරිකානු ඩොලර් 500ක මුදල් නෝට්ටු ප්‍රමාණයක්,
ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ඩීසල් අඩංගු කෑන් එකක් සොරා ගෙන ගොස් ඇතැයි කුරුඳුවත්ත පොලීසිය කියයි. හිටපු ජනාධිපතිවරයාගේ මුනුපුරකු වන අරික් ජයවර්ධන මහතා ඊයේ (18) ඒ පිළිබදව කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ. වහලේ උළු කැට කිහිපයක් ඉවත් කර රාත්‍රී කාලයේදී නිවෙසට ඇතුළු වී එම භාණ්ඩ සොරා ගෙන ගොස් ඇතැයි ද කුරුඳුවත්ත පොලීසිය කියයි. පොලිස් ඇඟිලි සලකුණු අංශයේ විශේෂඥයන් කැඳවා ඒ පිළිබඳව පුළුල් පරීක්‍ෂණ පවත්වන බව ද කුරුඳුවත්ත පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval