
පසුගිය 16 වැනිදා දහවල් 12.00 ට පමණ මෙම කාර්මික ශිල්පියා ජැටියෙන් මුහුදට වැටී අතුරුදන්වී තිබිණි.
අනතුරට පත්ව ඇත්තේ පල්ලම - තෝරවටවන පදිංචිකරුවෙකු වන පතිරාජ මුදියන්සේලාගේ හර්ෂ හේමන්ත ප්‍රියසාද් නමැති තිදරු පියෙකි.
බලාගාරයේ ජැටිය ආසන්නයේ සේවය කරමින් සිටියදී මොහු මෙලෙස අනතුරට පත්ව තිබේ. එම අවස්ථාවේදී ඔහු එක් වරම මුහුදට වැටී අතුරුදන්වී ඇත. පසුව නාවුක හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අතුරුදන්වූ කාර්මික ශිල්පියාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සොයා ගැනීමට නොහැකි විය.
17 වැනිදා දහවල් කල්පිටිය - එරඹුගොඩැල්ල මුහුදු තීරයට ගොඩ ගසා තිබූ කාර්මික ශිල්පියාගේ සිරුර ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර නොරොච්චෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජුඩ් සමන්ත-පුත්තලම
Comments
Post a Comment
Your comment will be visible after approval