
විත්තිකරුවන් තුන්දෙනෙකුට
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධිචෝදනා බාර දෙන ලදී.
ඉන් අනතුරුව අදාල නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය රුපියල් 25000/- බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් ඇප දෙකක් මත මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
ඊට අමතරව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. ඉන් අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 01 වනදා පැවැත්වීමට දින නියම විය.
Comments
Post a Comment
Your comment will be visible after approval