goverment-sector-leaves
කෝවිඩි සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ රාජ්‍ය නිලධාරින් ලබාගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. ඒ අනුව 2020 වසරේ මාර්තු මාසයේ 13වැනිදා දක්වා යම් නිලධාරියෙකු අනියම් හෝ විවේක නිවාඩු ලබා ඇත්නම් එම නිවාඩු අදාළ නිලධාරියාට 2020 වසර සඳහා හිමි වාර්ෂික නිවාඩු හිමිකමින් අඩු කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.

රට අගුළු ලා තිබූ කාලයට අදාළව කිසිදු නිලධාරියෙකුගේ නිවාඩු අඩු නොකළ යුතු බවත්, එම කාලය නිවසේ සිට රාජකාරියේ නිරත වූ කාලයක් ලෙස සැලකිය යුතු බවත් දැනුම් දී තිබේ. කිසියම් ආයතන ප්‍රධානියෙක් විසින් කිසියම් නිලධාරියෙකුට නිවසේ සිට රාජකාර් ඉටු කිරීමට නියම කිරීමට අමතරව සේවා මුර ක්‍රමයට සේයට කැඳවූයේ නම් එලෙස සේවා මුර ක්‍රමයට සේවයට කැඳවූ අවස්ථාවක ආයතන ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකළ දිනයන් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කළ යුතු බවට දැනුම් දී ඇත. අතිකාල දීමනා ලබාදීම, ප්‍රසූත නිවාඩු හා පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.




රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිග්නේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසීය. ගෝලීය වශයෙන් වන වසංගතයක් බවට පත්වූ කෝවිඩ් තත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය වූ අතර, මෙම තත්වය රාජ්‍ය සේවයටද දැඩි බලපෑම් එල්ල කළේය. එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය සේකයන් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම, සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාර් කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම,



සම්පුර්ණයෙන්ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙම ගතිය හා කිරිදෙන මවුවරුන් රාජ්‍ය සේවය සඳහා නාකැදවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කළේය. මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළ අතර, ඒ අනුව රාජ්‍ය සේවය පවත්වගෙන යන ලදී. වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතියි.