
ජනතා විරෝධය හමුවේ රටින්පළාගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපති වරයා රටවල් 3 ක සැඟවී සිටීමෙන් පසු අද (03) දැඩි ආරක්ෂක රැකවල් මැද යළි දිවයිනට පැමිණියේය.
මේ අවස්ථාවේ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකුම කටුනායක ගුවන්තොටුපළට ගොස් ඔහුව සාදරයෙන් පිළිගත් බව වාර්තා විය. මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ටිරාන් අලස්,සාගර කාරියවසම් හා මධුර විතානගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව ඇති අයුරු හඳුනාගන්නට ලැබෙන අතර රාජපක්ෂ පවුලේ වෙනත් කිසිවෙකු එම අවස්ථාවට එක් නොවීම කැපී පෙනෙයි. පිරිස ගෝඨාභය පිළිගත් අයුරු ඡායාරූප කිහිපයක් පහතින්.




Comments
Post a Comment
Your comment will be visible after approval