
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද යූරියා පොහොර යල කන්නය සඳහා බෙදාහැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය සිකුරාදා (02 වැනිදා) වන විට යල කන්නයේ මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 512,000 කි.
යල කන්නයේ යූරියා පොහොර බෙදාහැරීම සම්බන්ධව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණි. යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු ඉකුත් 18 වැනිදා වන විට මුළුමනින්ම අවසන් බවත්,
ඒ අනුව හෙක්ටයාර් 304,734 ක වී වගා කරන ලද ගොවීන් 490,515 කට බෙදාහැර ඇති සමස්ත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අනුව ඌව පළාතට මෙට්‍රික් ටොන් 2122ක්, බස්නාහිර පළාතට මෙට්‍රික් ටොන් 1041, මධ්‍යම පළාතට මෙට්‍රික් ටොන් 2138ක්, වයඹ පළාතට මෙට්‍රික් ටොන් 3767ක්, සබරගමුව පළාතට මෙට්‍රික් ටොන් 1128ක්, දකුණු පළාතට මෙට්‍රික් ටොන් 4728ක්, උතුරු පළාතට මෙට්‍රික් ටොන් 877ක්, නැගෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 3934ක් ද වශයෙන් යූරියා පොහොර බෙදාහැර ඇත.
යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් උතුරු මැද පළාතේ වගා කර ඇති අතර, ඒ අනුව එම පළාතට වැඩිම යූරියා පොහොර ප්‍රමාණය වශයෙන් මෙට්‍රික් ටොන් 9623ක් බෙදා හැර තිබේ.
ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක් ඉතිරිව ඇති අතර, වී වගාවට අමතරව බඩඉරිඟු, අර්තාපල් හා තේ වගාවට ද යූරියා පොහොර ලබා දීමට තීරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval