dollar-house-government

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටත්තේ පළමු නිවස අලෙව් වී තිබේ. ඒ අනුව ඩුබායිහි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (27)දා උදෑසන නාගරික සංවර්ධන අධිකාරියේවියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සඳහා ඔහු ඩොලර් 40,000ක මුදලක් එවූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාතයංශය කියයි.

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා පසුගියදා පියවර ගත්තේය.

ඩොලර් මගින් මෙම නිවාස මිලදී ගන්නා අයට 10%ක වට්ටමක් ලබාදීමටද තීරණය කෙරුණි.

ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු විසින් ඊයේ මිලදී ගන්නා ලද වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 158කි. ඩොලර් මගින් මිලදී ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142කටය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට ඩොලර්275,000ක ඉලක්කයක් සපුරාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය අපේක්ෂා කරයි.

(නවෝද්‍යා පවනි )