
තමා ‘ජරා ගැහැණුන් සිටින තැනකට දමන ලෙසට’ බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ කාන්තා අංශයේ ජේලර්වරියකට පැවැසී යැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න කර ඇති ප්‍රකාශය සත්‍ය ද? අසත්‍යය ද? යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා අදාළ ජේලර්වරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බන්ධනාගාර
දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දන්වා ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පැවසීය.
වැලිකඩ බන්ධනාගාර උසස් නිලධාරීන් අපහසුතාවකට පත් කරමින් අදාළ ජේලර්වරිය එවැනි ප්‍රකාශයක් කර තිබේ නම්, එය බරපතළ කාරණයක් බව ද ඒ බව තහවුරු වුවහොත් අදාළ ජේලර්වරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒකනායක මහතා වැඩිදුරට ත් පැවසීය.
(කුමුදු උපුල් ශාන්ත)
Comments
Post a Comment
Your comment will be visible after approval