
කැසිනෝ සඳහා නියාමන අධිකාරියක් නොමැතිව ඒ සඳහා බලපත්‍ර ලබා දිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්. 15) සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය පවත්වනු ලැබූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
ලෝකයේ කැසිනෝ සඳහා නියාමන අධිකාරියක් නොමැතිව බලපත්‍ර දුන් රටක් ඇත්නම් එය ආණ්ඩුවට පෙන්වා දෙන ලෙස එහිදී මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාට කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දීමට අවශ්‍ය නම් ජනතාව සමග සාකච්ඡා කර සංවාදයක් සඳහා පැමිණෙ ලෙස ය.
“සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ තියෙනවා. අපි හොඳට කියෙව්වා සිංගප්පූරුවේ කැසිනෝ නියාමන පනත. ඒ පනත මං හිතන්නේ අවුරුද්දකට වඩා සාකච්ඡා කළා.
අපි දැක්කා නොයෙකුත් කැසිනෝවලට අදාළ කට්ටිය සම්බන්ධයෙන් බදු ගෙවනවද? නැද්ද? කියන එක විශාල ගැටලුවක්. ඒ නිසා අපි කියන්න කැමති ගහෙන් ගෙඩි එන්න වගේ නම් මේක කරන්න එපා,” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරට ත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval