bomb-love

මුහුණු පොතෙන් හඳුනාගත් තම පෙම්වතිය වෙනත් අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ලැබුණ තොරතුරකින් කෝපයට පත්ව අලුත් පෙම්වතා ඝාතනය කිරීම් අරමුණන් විදේශීය රටක නිෂ්පාදිත ජේ.ආර්. වර්ගයේ ජීව අබෝම්බයක් රැගෙන අපාර එරගම ප්‍රදේශයට පැමිණි තරුණයකු ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ගල්ගමුව, මහගල්කඩවල ජයලන් ද ගම්මානයේ පදිංචි රැකියා විරහිත අයකු බව පොලිසිය කියයි. මොහු මුහුණු පොතෙන් හඳුනාගත් තරුණියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, තරුණිය මුහුණු පොතෙන් හඳුනාගත් වෙනත් තරුණයකු සමග ද සම්බන්ධයක් ආරම්භ කර, ඇය එම තරුණයාගේ සේයාරුවක් පැරණි පෙම්වතාට යවා විස්තර පවසා ඇතැයි පොලිසිය කියයි. මෙයින් කෝපයට පත් පැරණි පෙම්වතා අලුත් පෙම්වතා පිළිබඳව තොරතුරු සොයා එරගමට පැමිණ ඇති බවත් පොලිස් විමර්ෂනයේ දී හෙළිවී ඇත. මෙම පුද්ගලයා සතුව අත්බෝම්බයක් ඇති බව දුටු ප්‍රදේශවාසියකුගේ දැනුම් දීම මත පොලිසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු පලා යාමට උත්සාහ කර ඇතැයි කියයි. සැකකරු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් වරිපතක්වෙන වෙල්යායක දී ඉමහත් වෙහෙසක් දරා ඔහු අත්අඩංගුවට ගෙන අබෝම්බය සිය බාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම අබෝම්බය හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය බාප්පා තමාට සගවා තබන ලෙස පවසා ලබාදුන් එකක් බවත්, ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් සැකකරු පවසා ඇතැයි පොලිසිය පවසයි.


(දිගාමඩුල්ල විශේෂ - ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)