ambalangoda-balapitiya-incident

බලපිටිය රෝහල ආසන්නයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.


පොලිසිය සැකකරන්නේ පාතාලකල්ලි අතර පවතින විරසකයක් මත මෙම ඝාතනය සිද්ධවන්නට ඇති බවයි.
මිය ගිය තරුණයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතබා පළාගොස් තිබුණි.
පසුව සිදු කළ විමර්ශන අනුව ටී 56 ගිනි අවියකින් මෙසේ වෙඩිතබා ඇති බව හඳුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමේ සිදුවීම සහ මීට පෙර අම්බලන්ගොඩ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැ ක කරයි.
අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිව තිබෙන ආරවුලක් බවද පොලිස් උසස් නිලධාරියෙකු දන්වා ඇත.
මේ ගැන පොලිස් මාධ්‍ය වාර්තාව පහතින්