
උසස් පෙළ සිසුන් සඳහා ජනාධිපති අරමුදල මගින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි එම විභාගය සමත්ව උසස් පෙළ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 99 ක් අතුරින් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්ව ලාභීන් 30 දෙනෙකු බැගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
එම ශිෂ්‍යත්ව ලාභීන්ට උසස් පෙල විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් පන්දහස බැගින් මාස 24 ක උපරිම කාලසීමාවක් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීම අපේක්ෂාවයි. මෙම වර්ෂයේ සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල ලැබුණු පසු උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව ප්‍රදානයට අයැදුම් කැඳවීමට නියමිතයි. මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval