
හික්කඩුව මුහුදු වෙරළේ ස්නානය කිරීම සදහා යාමට කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුළු විමට පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක සිටී දෙදෙනකු සන්තකයේ කුෂ් සහ හැෂ් මත්ද්‍රව්‍ය තිබී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය සහ
බොරලැස්ගමුව පදිංචි දෙදෙනකු බව පොලිසිය කියයි. මෙම දෙදෙනා මුහුණු පොතෙන් හඳුනාගත් තවත් මිතුරන් සිව් දෙනකු සමග ජීප් රථයකින් හික්කඩුව මුහුදු වෙරළේ ස්නානය කිරීම සඳහා යාමට කොට්ටාව අධිවේගී පිවිසුමට පැමිණ ඇති බවට හෙළිවී යැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී තරුණයන් හය දෙනකු රැදී සිටි ජීප් රථය පිළිබඳව සැක සිතී එහි රාජකාරියේ නිරත සැරයන් (61760) ලංකාජීව නිලධාරියා වාහනය නවතා පරික්ෂා කිරිමේදී එහි රැඳී සිටි තරුණයන් දෙදෙනකු සන්තකයේ කුස් ග්‍රෑම් 05 සහ හෑෂ් ග්‍රෑම් 02 තිබී සිය භාරයට ගත් බව පොලිසිය පවසයි. මුහුදු වෙරළේ ස්නානය කරන අතරතුරදී පානය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය මෙසේ රැගෙන යමින් සිට ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ මවු පියන් වෛද්‍යවරුන් වන අතර තවත් අයකුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බව කියයි. ඒ අනුව අත්අඩංගුවට ගත් අනුරාධපුර (25) සහ බොරලැස්ගමුව (26) පදිංචි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසියට භාරදීමට නියමිතව සිටියහ.
-ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-
Comments
Post a Comment
Your comment will be visible after approval