
යූරියා පොහොර මිල සැලකිය යුතු ලෙස අඩු කරන බව පොහොර ආනයනකරුවන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 මල්ලක් රු. 10,000 කින් අඩු වන අතර නව මිල රු. 29,000 කි.
තේ සඳහා භාවිත කරන කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 1000 කින් පමණ අඩු කරන බවද පොහොර ආනයනකරුවන් පවසයි.
මෙම මිල අඩු කිරීම හෙට සිට එනම් 2022 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන බව ඔවුන් පවසා තිබේ.
මේ අතර, මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර ලබාදීම ඔක්තෝම්බර් 01 වැනිදා සිට ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය මාර්ගයෙන් ලබාගත් යූරියා පොහොර තොග ගොවීන්ට ලබා දෙන අතර පළමු අදියර යටතේ ගොවියෙකුට හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 20 බැගින් හිමිවන බවයි.
කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල ගොවීන් අතර ප්‍රථමයෙන් පොහොර තොග බෙදා හැරීමට නියමිත බව අබේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval