
ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වාගේ පසුබිම් ගායනයෙන් හැඩවූ නවතම හින්දි චිත්‍රපටයක ගීතයක් ඊයේ එළිදක්වා තිබෙන අතර පැය විස්සක් තුළ මිලියන 15 ක යූටියුබ් නැරඹුම් ලබාගැනීමට මෙම ගීතය සමත්ව තිබේ.
ලබන ඔක්තෝබර් මස 25 වනදා නිකුත් කෙරෙන ‘තෑන්ක් ගෝඩ්‘ නමැති හින්දි චිත්‍රපටයට යොහානි මෙම ගීතය ගායනා කර තිබේ.
ඉන්දීය චිත්‍රපටවලට සම්බන්ධ කැනේඩියානු ජාතික සරාගී නිළියක වන නෝරා ෆතෙහි වෙනුවෙන් යොහානි පසුබිම් ගීය ගයන්නීය.
මෙම ගීතය යොහානිගේ ජනප්‍රිය ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයේ අර්ධ හින්දි පරිවර්තනයක් වන අතර හින්දි හා සිංහල ද්වී මාධ්‍යයෙන් යොහානි ගීතය ගයන්නීය. ඇයගේ සහයට හින්දි ගායකයින් දෙන්නෙකුද ඇතැම් කොටස් ගායනය කරයි. යොහානි සමග ගිවිසුම් ගතව සිටින ප්‍රකට ඉන්දීය ටී-සීරීස් සමාගම එළිදක්වන ලද එම ගීතය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval