
හිජාබයෙන් කෙස් වසා ගැනීම හරිහැටි නොකළැයි කියමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ‘සදාචාරාත්මක පොලිසිය‘ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවට ලක්කර මරාදැමුණ තරුණිය වෙනුවෙන් ලොව පුරා මේවනවිට විරෝධතා පවතින අතර
තුර්කියේ ඉස්තාන්බුල්හි ඉරාන කොන්සල් කාර්යාලයෙන් පිටත විරෝධතාවයක් අතරතුර තමන්ගේ කෙස් රොද කපා දමමින් තුර්කියේ වෙසෙන ඉරාන කාන්තාවක් වන නසිබේ සම්සෙයි විරෝධතාවක් දක්වා තිබුණි.
මෙම ඡායාරූපය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වෙමින් පවතී.
ඇය අනුගමනය කරමින් නිවෙස්වල සිට හිස කෙස් කපමින් හා පුළුස්සමින් විරෝධය දැක්වූ තවත් අය ගැනද වාර්තා විය.


Comments
Post a Comment
Your comment will be visible after approval