
දෙවන එලිසබෙත් රැජිනගේ වින්ඩ්සර් හි අවසන් ගිමන් හරින ස්ථානය සලකුණු කරන නව සෙල්ලිපි ගලෙහි පළමු පින්තූරය නිකුත් කර ඇත. අතින් කැටයම් කරන ලද බෙල්ජියම් කළු කිරිගරුඬ පුවරුව පිත්තල අකුරින් රැජින, ඇගේ සැමියා, පිලිප් කුමරු සහ ඇගේ දෙමාපියන් වන හයවන ජෝර්ජ් සහ එලිසබෙත් රැජිනගේ නම් සටහන්ව ඇත.
එය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේ බිම පිහිටුවා ඇති අතර එහි ‘ඕඩර් ඔෆ් ද ගාටර්‘ හි සාමාජිකයින් ලෙස හඳුන්වන රාජකීයයන් හතර දෙනාම තැන්පත් කරන ලදී.
මාග්‍රට් කුමරියගේ භෂ්මාවශේෂ ද දේවස්ථානයේ තැන්පත් කර ඇතත් ඇයගේ නම සෙල්ලිපියේ ඇතුළත් කර නැත.
දේවස්ථානයේ පෙර සෙල්ලිපි යෙහි රන් අකුරින් හිටපු රජුගේ සහ මව රැජිනගේ නම පමණක් කොටා තිබුණි.
ලබන සතියේ වින්ඩ්සර් මාලිගය නැවත විවෘත කිරීමට පෙර බකිංහැම් මාලිගය මෙම පින්තූර නිකුත් කරන ලදී.
සැප්තැම්බර් 29 වන දින සිට සෙන්ට් ජෝර්ජ් දේවස්ථානය මහජනතාව සඳහා විවෘතව ඇති ඕනෑම දිනක, බැතිමතුන්ට පමණක් විවෘත වන ඉරිදා දිනවල සුසාන භූමියට පැමිණ ඔවුන්ගේ ගෞරවය දැක්වීමට අමුත්තන්ට හැකි වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval