
මේ සතියේ පැවති ජපානයේ Suzuka නමැති ප්‍රදර්ශනයේදී Kawasaki ධාවන පථයේ පෙනී සිටියේ ඔවුනගේ Kawasaki විදුලි මෝටර් බයිසිකලයේ සහ දෙමුහුන් (හයිබ්‍රිඩ්) යතුරුපැදියේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීමටයි. මෙම මෝටර් ක්‍රීඩා කේන්ද්‍ර කරගත් වාහන දෙක ධාවන පථ ප්‍රදර්ශනයේ වීඩියෝ දර්ශනවල පෙන්නුම් කළ ආකාරයට බොහෝ දුරට නිශ්ශබ්දව සිටි අතරම අධික වේගයක් ලබා ගත් බව පෙන්නුම් කලේය.
Kawasaki තවමත් මෙම බයිසිකල සඳහා නිශ්චිත කාර්ය සාධන පිරිවිතර නිකුත් කර නොමැති අතර, දෙමුහුන් මාදිලිය 400cc සිට 650cc පරාසයේ මෝටර් ස්පෝර්ට්ස් බයිසිකල් වලට සාපේක්ෂව කාර්ය සාධනයක් ලබා ගෙන ඇති බවට අදහස් පළ කර තිබේ. සම්පූර්ණ විද්‍යුත් මාදිලිය තවමත් අර්ථකථනය කර නොමැත.
Kawasaki විසින් ඉදිරියේදී ජපානයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ක්‍රීඩා ලීග සඳහා තරඟ කිරීමට සිය විද්‍යුත් සහ දෙමුහුන් යතුරුපැදි භාවිතා කරනු ඇත. නිල ආරම්භයට පෙර, ඔවුන් එළිදැක්වීමේ උත්සවයක් පවත්වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ප්‍රදර්ශනය කෙරෙනු යතුරු පැදි වීඩියෝව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval