william-ruto-kenya

කෙන්යානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම වත්මන් උපජනාධිපති විලියම් රෝටෝ ජය ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි. එරට මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව මේ බව ප්‍රකාශ කෙරී තිබේ. ඒ අනුව රූටෝ එරට පස්වැනි ජනාධිපතිවරයා ලෙස තේරිපත්ව සිටියි. 

සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතා ඇති විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් කිසිදු පරාජිතයෙකු නොමැති බවත්, කෙන්යානු ජනතාව එහිදී ජයග්‍රහණය කර ඇති බවත් පවසා තිබේ. මින් ඉදිරියට ආපසු හැරී බැලීමක් නොමැති බවත්, තමන් ඇතුළු රජයේ සියලු දෙනාම අනාගතය දෙස පමණක් නෙත් යොමන බවත් ඔහු සඳහන් කර තිබේ. එසේම සියලු දෙනාගේම සහාය ඊට අවශ්‍ය බවත් ඔහු පවසා තිබේ. මෙම අවසන් ප්‍රතිඵලයට අනුව රූටෝ ප්‍රකාශිත සමස්ත ජන්ද අතරින් 50.49%ක ප්‍රතිශතයක් දිනාගැනීමට සමත්ව තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් විපක්ෂ නායක රායිලා ඔඩින්ගා හට හිමිව ඇත්තේ 48.85%ක ඡන්ද ප්‍රතිශතයකි.

රූටෝ මෙහිදීද මිලියන  7කට වඩා වැඩි ප‍්‍රමාණයක් හිමි කරගෙන තිබේ. මේ අතර අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට පෙරාතුව මාධ්‍ය වෙත අඟදක්වා සිටි එරට මැතිවරණ කොමිසමේ දෙවැනි ප්‍රධානියා සහ අනෙකුත්කොමසාරිසීවරුත් තිදෙනා මෙම මතිවරණයේ අවසන් අදියර වෙත සහාය නොදක්වන බවට ප්‍රකාශ කිරීමත් සමග ප්‍රතිඵලය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.