keheliya-mislead

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය කර පෙරේදා (05) වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද බව කියන ඖෂධ වර්ග දෙකක් මිට ඉහතදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවවලදී ද හඳුන්වාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.

තයිරොක්සීන් ඌණතාවට ලබාදෙන ලෙවතියොෂින් මිලිග්‍රෑම් 50 ගැස්ට්‍රික් ආම්ලිකතාව ඇතිවීම වැළැක්වීමට ලබාදෙන ඔමපරෂොල් මිලිග්‍රෑම් 20 සහ වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ වර්ග තුන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (15) පැවැති උත්සවයකදී වෙළෙඳපොළට හඳුන්වා දී තිබිණි.

එහෙත් ඉන් එක් ඖෂධ වර්ගයක් හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා  වන්නිආරච්චි මහත්මියගේ කාලයේදී ද තවත් ඖෂධ වර්ගයක් හිටපු සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ කාලයේදී ද උත්සව පවත්වා වෙළෙඳපොළට හඳුන්වා දුන් බවද වාර්තාවේ.

ඒ පිළිබඳව කරුණු සගවා අලුතෙන් වෙළෙඳපොළට හඳුන්වා දුන් බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා  සහභාගී කරගත් උත්සවයකදී පෙරේදා ද (15) එම ඖෂධ වර්ග නැවත වෙළෙඳපොළට හඳුන්වා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම පරීක්ෂණ ආරම්භ කර තිබේ. කරුණු සඟවා සෞඛ්‍ය ඇමැතිවරයා නොමග යැවූ බව කියන එම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉහළ නිලධාරියකුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.

-රංජන් කස්තුරි-