
කොළඹ යූනියන් පෙදෙස අවහිර කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ඇතුළු සංවිධාන අද විරෝධතාවක් පැවැත්වූ අතර විරෝධතා පා ගමන පොලිසිය විසුරුවා හැරියේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමිනි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රංගන ශිල්පියකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු අද පැවැති විරෝධතාව අතරතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙයි.
අධිකරණ නියෝග නොතකමින් පැවති පැරණි විරෝධතාවක් නිසා වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබු අතර ඔහු අද අත්අඩංගුවට ගත්තේ එම නියෝගය අනුව බව පොලිසිය පවසයි.
පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අනෙක් අය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කොළඹ මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමයි.
මීට අමතරව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ද පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ උද්ඝෝෂණයට පැමිණ ඔහු අත්අඩංගුවට ගත් නමුත් පසුව ඔහු පැනගොස් ඇතැයිද පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval