wallawaya-girl-missing

වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස නිවසක පදිංචිව සිටී 05 හැවිරිදි පෙරපාසල් දැරියක් ඥාති නොවන පුද්ගලයකු විසින් පෙරේදා (10දා සවස නිවසින් කැදවාගෙන අතුරුදන් කර ඇති බවට දැරියගේ දෙමාපියන් විසින් කළ පැමිණිල්ලකට අනුව වැල්ලවාය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. අතුරුදන් වූ දැරිය රැගෙන ගිය පුද්ගලයා දරුවාගේ පියා සමග නිවසට යාමට පෙර පැය කිහිපයක් නගරයේ පිහිටි මත්පැන් හලක මත්පැන් පානය කර ඇති අතර, අනතුරුව නිවසට පැමිණ තිබෙන බවත්, එසේ පැමිණි දරුවාට මොනවා හරි අරගෙන බව පවසා නිවසින් දරුවා සමග පැමිණි ඇති අතර ආපසු දරුවා නොපැමිණීම නිසා මව විසින් දරුවා සොයා ගෙන ගොස් ඇති බවත්,

එහිදී දැරිය හා එම පුද්ගලයා අතුරුදන් බව දැනගත වැල්ලවාය පොලීසියට පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව වන චන්ද්‍රන් ශෂිකලා මෙසේ පැවසුවාය.

"හවස තුනට විතර තමයි දරුවට යෝගට් එකක් හරි මොනවා හරි අරගෙන එන්න කඩයට  එක්කගෙන ගියේ. කලිනුත් එක්කගෙන ගිහින් තියනවා. විනාඩි 15-20ක් විතර දරුවා ආවේ නැති නිසා අපි හෙව්වා හම්බවුණේ නෑ.

හවස හයට විතර තමයි පොලීසියට ගිහින් කිව්වේ. අපි රෑ එළිවෙනකං දරුවා හෙව්වා තවමත් හොයා ගත්ත බැරිවුණා" එහිදී දරුවා ටිපිටිප් පැකට්ටුවක් කමින් පරණ පොල පාරේ මෙම පුද්ගලයා සමග එන දර්ශන කිහිපයක් සොයාගෙන තිබේ. දින කිහිපයක් නවාතැන් ගෙන සිටි මෙම සැකකාර පුද්ගලයා උක් ගස් කැපීමට මෙම ප්‍රදේශයට පැමිණි වයස අවුරුදු 25ක් පමණි වන අයකු බවත් නමක් ගමක් දක්නා කෙනෙකු නොමැති බවත් පොලීසිය පවසයි. මෙම පැමිණිල්ලත් සමග වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාත්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂියා එච්.පී.ජේ.ඩී. ගමගේ මහත්මිය ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)