South-Korean-President-pardons-the-corrupt-Samsung-boss-who-was-jailed-after-the-peoples-struggle

2017 වසරේ අල්ලස් සහ වංචාව සම්බන්ධයෙන් වරදකරු වූ Samsung උරුමක්කාර Lee Jae-yong හට විශේෂ ජනාධිපති සමාවක් ලැබී තිබේ‍. දකුණු කොරියාවේ බලවත්ම සුදු කරපටි අපරාධකරුවෙකු වූ ලී, හිටපු ජනාධිපතිවරයෙකුට අල්ලස් දීම හේතුවෙන් දෙවරක් සිරගත විය.
දකුණු කොරියානු රජය මෙම පියවර සාධාරණීකරණය කරමින් කියා සිටියේ, පශ්චාත් වසංගතයෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත් වීමට නායකත්වය දීම සඳහා රටේ විශාලතම සමාගමේ යථාර්ථවාදී නායකයා නැවත නායකත්වයට පත් විය යුතු බවයි.

මෙය වසර හයකට පෙර ජනඅරගලයක් මගින් සෝල් නගරය අත්පත් කර ගෙන ජනාධිපතිවරයෙකු ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අරගලයේ  ඉල්ලීම් වලට පිටුපෑමක් සනිටුහන් කරයි.



2013-2017 කාලයේ හිටපු ජනාධිපතිනි Park Geun-Hye සිරගත කිරීමට තුඩු දුන් දූෂණ වංචාව තුළ සැම්සුන් ප්‍රධානී ලීගේ අපරාධ සෘජුවම සම්බන්ධ විය.

"සැම්සුන් හි ඔටුන්න හිමි කුමරු" යනුවෙන්  විරෝධතාකරුවන් විසින් ඔහුව හඳුන්වනු ලැබූ අතර  ජනාධිපති පාර්ක් සහ ඇයගේ සහකාරියට අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 8 ගෙවා ඇති බව අනාවරණය කර තිබුණි.

එය හෙළිදරව් වූ විට, පාක්ගේ ආන්ඩුවට එරෙහිව දකුණු කොරියානුවෝ මිලියන ගණනක් 2016/2017 ශීත ඍතුවේ දී සෑම සති අන්තයකම ඉටිපන්දම් දැල්වූ විරෝධතාවලට පැමිණියහ.

කොරියානු පාර්ලිමේන්තුව පාර්ක් දෝෂාභියෝගයට ලක් කළ අතර 2017 වසරේදී  වසර 25කට සිරගත කරන ලදී.

බටහිර රටවල ජේ වයි ලී ලෙසින් ද හඳුන්වනු ලබන ලී, ජනාධිපතිවරයාගේ මිතුරාගේ දියණියට ඩොලර් 800,000 (පවුම් 650,000) අශ්වයෙකු මිලදී ගැනීම සඳහා සමාගම් අරමුදල් අවභාවිත කිරීම ඇතුළු වැරදි සඳහා වසරකට පසුව සිරගත කරන ලදී.



දැන් මාස අටකට පසු, තවත් නව ජනාධිපතිවරයෙකු යටතේ, Samsung හි ප්‍රධානියාට ද එම සමාව ලැබී තිබේ.
දූෂණයට එරෙහිව සටන් කරන අයට එය තුෂ්නිම්භූත පහරක් බව විචාරකයින් දන්වා තිබේ.
"එය පසුබෑමකි. එයින් අදහස් වන්නේ කොරියාව ඉටිපන්දම් පෙලපාලිවලි වලින් වැඩක් නැතිවූ බවයි" යනුවෙන් සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා කාර්මික ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය සැන්ගින් පාර්ක් පැවසීය.