vinod-Kambli-cricket

ප්‍රවීණ පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ හොඳම මිතුරා වන විනෝද් කම්බ්ලිගේ මූල්‍ය තත්ත්වය අයහපත් බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු මේ දිනවල රැකියා විරහිතව රැකියා සොයමින් සිටියි. ඔහු ජීවත් වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩලය BCCI හි විශ්‍රාම වැටුප වන රුපියල් 30,000 පදනම මත ය.


සචින් තෙන්ඩුල්කාර් සමඟින් වාර්තාගත ලකුණු 664ක් බෙදා හදා ගනිමින් කම්බ්ලි සිය පාසල් කාලය තුළ ක්‍රිකට් ලෝකය තුළ ආන්දෝලනයක් ඇති කළේය. වසර 34කට පෙර මෙම වාර්තාගත සබඳතාවයේ දී විනෝද් කම්බ්ලි ලකුණු 349ක් සහ සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 326ක් රැස් කළා පමණක් නොව කම්බ්ලි සිය පළමු තරග හතේදීම ලකුණු 793ක් රැස්කර තිබුණි. පිටියේ ඕනෑම කාර්යයක් කිරීමට ඔහු සූදානමින් සිටී අතර කම්බ්ලිගේ වර්තමාන තත්ත්වය සචින් තෙන්දුල්කාර් හා සසැඳීමේදී ඛේදජනකය.




ඉන්දීය පුවත්පතක් වන Mid-Day සමඟ කතා කරමින් ඔහු මෙසේ පවසයි...

“ මම විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ සම්පූර්ණයෙන්ම BCCI විශ්‍රාම වැටුප මත යැපෙන කෙනෙක්. මගේ ආදායම විශ්‍රාම වැටුපෙන් පමණයි. මම BCCI එකට ස්තුතිවන්ත වෙනවා. මං රැකියාවක් සොයනවා ඒක අවශ්‍යයි. මට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට උදව් කරන්න පුළුවන්.  මට පවුලක් සිටිනවා මම ඔවුන්ව රැකබලා ගත යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔබට ක්‍රිකට් නැත, නමුත් ඔබට ජීවිතයේ ස්ථාවරත්වයක් අවශ්‍ය නම් වැඩ අත්‍යවශ්‍ය වේ. මට MCA සභාපතිගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මාව අවශ්‍ය නම් මම සූදානම් කියලා."


විනෝද් කම්බ්ලි 2000 වසරේ අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය. එතැන් සිට ඔහු බොහෝ වෘත්තීන්හි අත තැබූ නමුත් ඔහු කොතැනකවත් සාර්ථක වූයේ නැත. ඔහු සංජේ දත් සමඟ චිත්‍රපට කිහිපයකටද පෙනී සිටියේය. ඔහු Pal Pal Dil Ke Saath, Aaj Ka Yugandhar සහ Anarth වැනි චිත්‍රපට නිර්මාණය කර ඇත. පසුව වාණිජ චිත්‍රපටත් කළේය. අන්තිමට පුහුණුකරුවෙකුද විය. ඔහු අවසන් වරට 2019 මුම්බායි විස්සයි20 ලීගයේ කණ්ඩායමක් පුහුණු කළේය.