champika-speaks

සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාවට ගල් අඟුරු ටොන් මිලියන 2.5 ක් ක්‍රමානුකූලව ආනයනය කිරීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාවට දිනකට පැය 10 ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවිය හැකි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.



2025 දක්වා ගල් අඟුරු ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැති බව හෙළි කළ රණවක මහතා “මාස කිහිපයකට ආනයනය කිරීමට අවශ්‍ය මුදල් නොමැති නිසා 2025 සඳහා එකවර ගෙන්වීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන බව ඔවුන් දන්වා තිබෙනවා” ඔහු පැවසීය.

ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු නොකළහොත් එහි ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.


දැනට ශ්‍රී ලංකාවේ විදුලිය තුනෙන් එකක් ජලය තුනෙන් එකක් ඉන්ධන හා තුනෙන් එකක් ගල් අගුරු උපයෝගයෙන් සිදුවන අතර ඉන්ධන අර්බුදය නිසා ගල් අගුරු හා ජලය පමණක් පූර්ණ සහයද ඉන්ධන අවම සහයද ඇතිව විදුලි උත්පාදනය සිදුවේ. මේ නිසා විදුලි කප්පාදුව ඇති කර තිබෙන්නේ දැනට ඉන්ධන අඩුව නිසා පමණි.
හිටපු ඇමතිවරයා පවසන්නේ ඉදිරියට අනෙක් ප්‍රභව දෙකින් එකක්ද අඩපණවීමේ අවදානම ගැනයි.