uhana-incident

ආදරයට පිටුපෑම නිසා ඊට පලිගැනීමක් වශයෙන් පෙම්තියගේ නිවසට කඩා වැදී ඇය නිරුවත් කර සිරුර පුරා නයි මිරිස් අතුල්ලා ඇයට වධ හිංසා කළ බව කියන යුදහමුදා සෙබළකු ඔහුගේ මව සහ මවගේ නැගණියන් දෙදෙනකු පෙරේදා (08) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි. මව හා ඇයගේ 19 හැවිරිදි දියණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා අර රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර සෙබළා 25 හැවිරිදි අයකු වන අතර ඔහුගේ මව 52 හැවිරිදි වියේ පසු වන්නියකි. මවගේ නැගනියන් දෙදෙනා 32 සහ 34 හැවිරිදි වියේ පසු වෙති. සෙබළා ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරයි. මොවුන් සිවුදෙනා අත් අඩංගුවට ගනු ලැබුවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල් ඩී එන් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

තරුණිය මාස 10ක පමණ කාලයක් තිස්සේ සෙබළා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස්  ඇති බවත්, ඔහුගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා එම සම්බන්ධතාව නතර කර ඇති බවත් පොලිසිය කියයි. රූමතියක වන පෙම්වතිය සමග යළි එම සම්බන්ධය ඇති කර ගැනීමට සෙබළ පෙම්වතා, කිහිපවරක්ම උත්සාහ කර ඇතත් ඇය ඊට කැමති වී නොමැති බව කියති. සෙබළා මේ බව ඔහුගේ මවට හා මවන්ගේ නැගනියන් දෙදනාටද පැවසීමෙන් පසු ඔවුන් තිදෙනා තරුණිය සොයා ගොස් පුතා සමග යාළු වන ලෙස ඉල්ලා ඇතත් ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. ග

ෙවත්තේ වවා තිබු නයි මිරිස් ගස් වලින් මිරිස් කඩා ගත් සෙබළා ඒව අඹරා ගුලියක් ලෙස සකස් කර ගෙන මව හා ඇයගේ නැගණියන් දෙදෙනාද කැටිව, යතුරු පැදි දෙකක නැගි තරුණියගේ නිවසට ගොස් ඇති බව පොලිසිය පැවසීය.

සෙබළා ගේ මව සහ ඇයගේ නැගණියන් දෙදෙනාද තරුණියගෙ අත් දෙක පිටුපසට කර අල්ලා ගෙන සිටියදි සෙබළා පෙම්වතිය නිරුවත් කර සිරුර පුරා නයි මිරිස් අතුල්ලා ඇති බවත් දැවිල්ල ඉවසා ගැනිමට නොහැකිව ඇය මරහඬ දී ඇති බවත් පොලිසිය කියයි. දියණිය බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද පහර දී පසුව තරුණියටද අමනුෂික ලෙස පහර දී ඇති බව පොලිසිය සදහන් කරයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය -