townhall-gi-pipe

කොළඹ, ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඔඩෙල් ආයතයනය ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට ඉහළ ඉදි කරමින් ඇති ගොඩනැගිල්ලෙන් ජීඅයි යකඩ බටයක් වැටී ඇති අතර මෝටර් රථය ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් ඇතුලට වැටී අද උදෑසන 8.30 ට පමණ අනතුරක් සිදු ව තිබෙයි.
යකඩ බටය වීදුරුව පසාරු කරගෙන වාහනයේ පතුලද පසාරු කරගෙන ගොස් ඇත්තේ රියදුරුගේ කකුල් දෙක අතරිනි. රියදුරුට සුළු සීරීම් තුවාල පමණක් සිදුව ඇත්තේ වාසනාවටය.
මෙම වාහනය ඉන්ධන පෝලිමේ නවතා තිබියදී මෙම අනතුරට මුහුණපා ඇත.