
යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිළිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨයේ තවමත් වැඩ අවසන් නොකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ඊයේ (18 වැනිදා) පැමිණි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට විරෝධය පළ කළ සිසුහු හූ කියමින් ඝෝෂා කරමින් ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට පැමිණීම වැළැක්වූහ.
ඇමැතිවරයා පැමිණ ඇත්තේ තවමත් වැඩ අවසන් නොවූ තාක්ෂණ පීඨයේ ගොඩනැගිල්ල විවෘත කිරීමට ය. ඊට විරෝධය දැක්වූ සිසුන් පවසා ඇත්තේ නිම නොවූ ගොඩනැගිල්ලක් දේශපාලන අවශ්‍යතාවයන් මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවය.
ඇමැතිවරයා විශ්ව විද්‍යාල භූමියට පැමිණීමට පෙර සිට ම සිසුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණේ ඇමැතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් කල්තියා දැනගෙන ය.
සිසුන්ගේ විරෝධය හේතුවෙන් ඇමැතිවරයා ආපසු හැරී ගොස් ඇත.
විරෝධයත් සමග ගේට්ටු වසා දැමීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඉන් පසු සිසුන් ගේට්ටුවෙන් පිටතට පැමිණ විරෝධය පළ කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval