
ආනයන අපනයන පනතේ බලතල ප්‍රකාරව තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගැසට් අංක 2294/30 නමින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.
මෙරටට බලපා ඇති දැවැන්ත විදේශ විනිමය හිගය මෙම පියවර ගැනීමට හේතුවී ඇති බවද පැවසේ.
භාණ්ඩ ලැයිස්තුව පහත යොමුවෙන්
https://drive.google.com/file/d/1ev3NQEb9kQXFY5XgxGntuu8PXAG338Pk/view
Comments
Post a Comment
Your comment will be visible after approval