order-river-fish-issue

ජර්මනිය සහ පෝලන්තය හරහා ගලා බසින ඕඩර් ගංගාව ආශ්‍රිතව අතිවිශාල මසුන් මිය යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය මාසය අවසානයේ සිට මේ දක්වා කාලය තුළදී මෙම ගගාවේ ඉවුරු දෙපස මිය ගිය මසුන් දහස් ගණන් නිරීක්ෂණය වී ඇතැයි එම වාර්තාවල සටහත්ව තිබේ. ජලය වෙත මිශ්‍ර වූ යම් විෂ ද්‍රව්‍යයක් මෙම මරණවලට හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව ගංගාව දෙපසින් අත්ව සිටින ලෙස ජනතාව වෙත දැනුම් දී තිබේ.

මේ අතර අදාළ සිදුවීම මේ වන විට මහිය සහ පෝලන්තය තුළදී දරුණු දේශපාලන මතත්වයක් දක්වාද පත්ව ඇතැයි සඳහන් වෙයි. එසේම දෙරටේම පාරිසරික ක්‍රියාකාරිකයන් තත්වය පාලනය කරගැනීම සදහා බලධාරින් අපොහොසත්වීම සම්බන්ධයෙන් චෝදනා කර සිටියි.එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය මෙය පාරිසරික විනාශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයිද සදහන් වෙයි. එසේම පෝලන්ත අගමැතිවරයා මෙම සිදුවීම පාලනය සඳහා ක්‍රියා  නොකිරීම සම්බන්ධයෙන් සිය පාරිසරික බලධාරීන් දෙදෙනකු ධුරවලින් නෙරපා හැර තිබේ. වාර්තාවලට අනුව මෙම ඕඩර ගංගාව යළිත් ප්‍රකෘතිමත් කරවීම සදහා වසර කිහිපයක්ම ගත වනු ඇතැයි විශ්වාසය වී තිබේ.