ranjan-madiwela

ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහු කලින් වාසය කළ නිවසටම යළි ගොස් තිබේ. ඔහුට මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු එම නිවස මනුෂ නානායක්කාර වෙත රජයෙන් පවරා තිබුණ නමුත් මනුෂට වෙනත් නිවසක් ඇති නිසා එහි පදිංචියට ගොස් තිබුනේ නැත.


මේ අතර රන්ජන් රාමනායකගේ නිවසේ පෙර පදිංචිව සිටි ලේකම්වරයෙකු මනුෂ නානායක්කාරද ලේකම් වරයෙකු ලෙස පත්කරගත් බැවින් එකී ලේකම්ට වාසය කිරීම පිණිස එම නිවස ලබාදී තිබූ අතර ලෙක්ම්වරයාගේ වාසස්ථානයට යාමට අවහිරයක් නැතියෙන් එය සලකා රන්ජන් රාමනායක ඒ අනුව පෙර නිවසටම ගොස් පදිංචිවී තිබේ.

මේ අතර රන්ජන් රාමනායක මහතාට සිය හිතවතුන් නිවාස අටක් දැනටමත් පරිත්‍යාග කර ඇතැයි ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රන්ජන් සිරෙන් නිදහස් වන අවස්ථාවේ ඔහුගේ ඉදිරි කටයුුතු සදහා විකල්පයක් ලෙස
අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් යෝජනා කරන ලද විදේශ සංචාර ප්‍රවර්ධන තානාපති තනතුරක් භාරගන්නා බවට වාර්තා පළවූ නමුත් එය තමන් භාර නොගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බව ද  රජයේ තනතුරක් තමන් භාර ගතහොත් ඩීල් එකක් දැම්මා හා සමාන විය හැකි යැයි ද ඔහු පැවසීය.



විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ලිපියකින්ද දන්වා තිබුණි.

විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කර තිබුණි.