pope-canada

කැනඩාව තුළ ජීවත් වූ ස්වදේශික ජනතාවට සහ ඔවුන්ගේ දරුවන් වෙත කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන ගිය නේවාසික පාසල් හරහා එල්ල වූ අඩත්තේට්ටම් සහ පීඩාකිරීම් ජනඝාතන අවස්ථාවක් බව පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කරති. දින හයක් පුරා සිදුකළ කැනඩා සංචාරයෙන් අනතුරුව යළිත් වතිකානුව බලා පිටත්වීමට නියමිතව සිටියදී පාප්තුමන් මේ බව පවසා තිබේ. කැනඩාව තුළ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය පැවති සමයේදී

කැනඩාව තුළ ක්‍රියාත්මක වූ මෙම කතෝලික පල්ලි හරහා සිදුවූ එම අඩංතේට්ටම් සම්බන්ධයෙන් එම ස්වදේශික ජනතාවගෙන් සමාව ගැනීමට පාප්තුමත් මෙලස කැනඩාව වෙත පැමිණියහ.ඒ අනුව මෙම ස්වදේශික දරුවන් ඔවුන්ගේ නිවෙස්වලින් සහ සංස්කෘතියන් බලහත්කාරයෙන් ඉවත් කරමින් මෙම නේවාසික පාසල් තුළ රදවා තබා ගනිමින් ඔවුන්ට විවිධ වධ හිංසා පැමිණවීම ජනඝාතනයක් බව එතුමන් පවසා තිබේ.

"මම මෙය ජනඝාතනයක් ලෙස හදුන්වනවා. ඒවගේම මේ ජනඝාතනය සම්බන්ධයෙන් මම මේ ස්වදේශික ජනතාවගෙන් සමාව අයකැදීමක් සිදුකරනවා.” පාප්තුමන් පවසා තිබේ.