lakshapana-grand-mother

ලක්ෂපාන – පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා කැළණි ගඟට ගලා බසින  ඇළ මාර්ගයේ සැඩ පහර වැඩි වී තිබීම මතඅවාසනාවන්ත අනතුරක් වාර්තාවී තිබේ.


පොල්පිටිය, බොකරවැවිල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක සහ ඇයගේ මිනිබිරිය සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් මිත්තනිය මියගොස් තිබියදී හමුවී ඇති අතර මිනිපිරිය තවම අතුරුදන් බව වාර්තාවේ.

ගසාගෙන යාමෙන් පසු  ප්‍රදේශවාසීන් පොලිසිය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී 60 හැවිරිදි වියේ පසුවූ මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර පස් හැවිරිදි මිනිබිරියගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැත.

පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතර තුර ඇළ මාර්ය තරණය කිරිමට යාමේදී දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබෙයි..