
වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යළිත් වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (2) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.
අමාත්‍යවරයා ජපාන සමාගමකින් අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා ඔහු ජූලි 6 වනදා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
එම විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සෙනසුරාදා (30) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදී ඇති අතර එම කමිටු වාර්තාවෙන් නිමල් සිරිපාල මහතා එම චෝදනාවට නිර්දෝෂී බව පෙන්වා දී ඇත.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාවකින් පසු පසුගිය ජුලි මාසයේදී ඒ ගැන පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට උපදෙස් දී තිබූ අතර චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබුණි. පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව නිමල් සිරිපාල ද සිල්වා දන්වා මාධ්‍ය නිවේදනයකින් පවසා තිබුනේ අදාළ චෝදනාව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවූ කෙප්පයක් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval