
මීට දින 15කට පෙර නාවලපිටිය කැටබුලා ඔයේ ගසා ගෙන ගොස් අතුරුදන් වූ තිදෙනාගෙන් තවත් අයෙකුගේ මළසිරුරක් ගමිපොළ මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගගේ තිබී හමුවූ බව නාවලපිටිය පොලීසිය පවසයි. මෙසේ හමු වූ අය 44 හැවිරිදි තිදරු මවක වූ ජෙයරාම් ජෙයලක්ෂමි බව ඥාතීන් විසින් ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂක නලින්මැදිවක මහතා ඉදිරියේදී 15දා හඳුනාගනු ලැබීය.
මෙම කාත්තාව කැටඹුලා අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා එක් කාන්තාවක පසුගිය පළමුවැනි දින කැටඹුලා ඔයෙන් එගොඩවීමට ගොස් මෙසේ ගසා ගෙන යාමෙන් අතුරුදන්ව තිබිණි. මෙලෙස අතුරුදන්වූයේ, තිදරු පියකු වූ 36 හැවිරිදි අමාවාසි චන්ද්‍රමෝගන්, සිවුදරු පියකු වූ 49 හැවිරිදි සත්‍ය ශීලන් සුරේෂ් කුමාර් හා තිදරු මවක වූ 44 හැවිරිදි ජෙයරාම් ජයලක්ෂ්මි යන නැමැත්තන්ය. මෙසේ අතුරුදන් වූ තිදෙනාගෙන් සත්‍ය ශීලන් සුරේෂ් කුමාර් යන අයගේ සිරුර පසුගිය 11 වැනිදා ගම්පොළ මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගගේ තිබී හමු වූ අතර මෙම කාන්තාවගේ සිරුරද ඊට මදක් පහළින් තිබී මෙසේ හමුවී ඇත.
කඳුකරයේ පැවති අධික වර්ෂාව සමග කැටඹුලා ඔය උතුරා යාමෙත් පුදුකාට්ටු හා අක්කරවත්ත යා කරන සපත්තු පාලම මතින්ද මෙම ජලය ගලා යමින් තිබීයදි පාලම මතදී පසුගිය 01 වැනිදා මොවුන් මෙසේ අනතුරට මුහුණ පා තිබේ. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ගම්පොළ රෝහලේදී සිදුකිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval