
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව චෝදනා ලැබූ ග්‍රෑන්ඩ්පාස් ලොක්කී නමැති කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායගත් බව කියන රත්තරන් පවුම් 60ක් සහ රුපියල් ලක්ෂ තිස්හයක මුදල් සමග නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පෙරේදා (29 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බැංකුවක ආරක්ෂිත සේප්පුවක් තුළ ග්‍රෑම් 482ක් බරැති රත්තරන් පවුම් හැට සොයා ගෙන ඇත. මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක හා ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබී ඇත.
ග්‍රෑන්ඩ්පාස් ලොක්කි ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාරේ පදිංචිව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයක් සමග සම්බන්ධව සිටින බවට ලද තොරතුරු මත මෙම විමර්ශන ඇරැඹී තිබේ. මැයගේ බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු වී ඇතැයි ද හෙළි වී ඇත.
මෙම වත්කම් රාජසන්තක කිරීම සඳහා අධිකරණය මගින් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් යටතේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval