
විශ්‍රාමික සහකාර කථිකාචාර්යවරයකු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි පොදු වැසිකිළියක් තුළ ඇද වැටී මියගොස් සිටිය දී ඊයේ සවස 4.30ට පමණ සොයාගත් බව කොටුව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල නැගෙනහිර තල්පේ පල්ලේගොඩ පාරේ පදිංචිව සිටි ඊබල් වික්‍රමනායක නමැති අසූ හැවිරිදි පුද්ගලයෙකි. වැසිකිළිය තුළ යමකු මුණින් අතට වැටී සිටින අයුරු දුටු මගියකු ඒ පිළිබඳව දුම්රිය ස්ථාන නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සිරුර සොයාගත් බව පොලිසිය කියයි.
සහකාර කථිකාචාර්යවරයාගේ කලිසම් සාක්කුවේ තිබූ පසුම්බියක 46,900ක මුදලක් ද ජංගම දුරකථන දෙකක් ද තිබී කොටුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) දීපාල් ජයසුන්දර මහතාගේ භාරයට ගෙන ඒවා සහකාර කතිකාචාර්යවරයාගේ ඥාති පුතකුට භාර දී ඇතැයි කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් කීය. හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මියගොස් ඇති බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇති බව පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval