china-thaiwan-tention

චීන - තායිවාන ගැටුම් මධ්‍යයේ තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික Chung-shan විද්‍යා හා තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී O Yang Li-hing සෙනසුරාදා උදෑසන Pingtung නගරයේ හෝටල් කාමරයක මියගොස් සිටියදී සොයා ගත් බව මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (CNA) වාර්තා කළේය.

ඔහු තායිවාන මිසයිල සංවර්ධන නිලධාරියා ලෙසද හදුන්වනු ලැබේ.

57 හැවිරිදි ඕ යැං හෘදයාබාධයකින් මිය ගිය බව නිලධාරීහු පවසති. ඔහුගේ පවුලේ අය ද පැවසුවේ ඔහුට හදවත් ආශ්‍රිත රෝග ඇති බවයි. ඕ යැං ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිංතුං නගරයට ගොස් ඇති බව කියන සී.එන්.ඒ. ඔහු මිසයිල නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක් අධීක්‍ෂණය කරමින් සිටි බව දන්වා ඇත. 2022 වසර ආරම්භයේදී ඔහු එම කටයුත්තෙහි නියෝජ්‍ය ප්රධානියා ලෙස වැඩ භාර ගත්තේය. ඔහුගේ මරණය සිදුව ඇත්තේ චීනය තායිවානය ආසන්නයේ දිගින් දිගටම හමුදා අභ්‍යාසයක යෙදී සිටින අවස්ථාවකයි.




එක්සත් ජනපද පාර්ලිමේන්තු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීමත් සමඟ කෝපයට පත් චීනය අගෝස්තු 3 සිට හමුදා අභ්‍යාස පවත්වන බව පැවසේ.  චීන හමුදා ජෙට් යානා නිරන්තරයෙන් තායිවාන ගුවන් සීමාවට රිංගා ඇත. තායිවානය අවට ප්‍රදේශ 6ක මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මකයි. පළමු දිනයේ දී චීනයේ ප්‍රහාරක ජෙට් යානා 100 කට වැඩි ප්‍රමාණයක් තායිවානයේ උතුරු, නිරිතදිග සහ ගිනිකොනදිග ගුවන් සීමාවට පියාසර කළේය. ඒ සමගම ප්‍රහාරක ජෙට් යානා 68ක් සහ යුධ නෞකා 13ක් දෙවන දිනයේ තායිවාන සමුද්‍ර සන්ධිය (මධ්‍ය රේඛාව) තරණය කළහ.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මිසයිල පද්ධතිය යොදවා ඇත්තේ පූර්වාරක්ෂාවක් ලෙසයි. එය චීනයේ ක්‍රියාකලාපයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරයි. සමහර ගුවන් යානා සහ නැව් ද නිරීක්ෂණ සඳහා පිටත් කර යවා ඇත.




චීනය මෙම යුද අභ්‍යාසය කරන්නේ තායිවාන වෙරළේ සිට කිලෝමීටර් 16ක් දුරිනි. මේ සඳහා භාවිත කරන්නේ සැබෑ ආයුධ සහ පතොරම්ය. මෙම යුද අභ්‍යාසය නම් කර ඇත්තේ ‘සජීවී වෙඩි තැබීම’ ලෙසයි. මෙම අභ්‍යාසය අගෝස්තු 7 දක්වා පැවැත්වේ. මීට පෙර චීනය තායිවානයේ සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් මෙම සරඹය සිදු කළ නමුත් නැන්සිගේ සංචාරයෙන් පසු එය මේ වනවිට ඉතා ආසන්නයට පැමිණ තිබේ.