
වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ.
ඒසේම ඒම පාඩුව මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් 73%ක අගයක් ගනී.
ඛනිජ තෙල් සංස්ථාව මේ ආකාරයට අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ විනිමය අනුපාත හරහා ලැබූ අලාභයයි.
ඒම අගය රුපියල් බිලියන 550ක් පමණ වෙයි.
ඒසේම සමස්ත රජයේ ව්‍යාපාර 52 මේ වසරේ මුල් මාස හතර තුළ ලැබූ රුපියල් බිලියන 860ක අලාභය 2021 වසරේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යාමක්ද වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval