
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය (IPPBA) අද රාත්‍රියේ සිට සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් IPPBA සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ QR කේත ක්‍රමය යටතේ බස් රථ සඳහා ඩීසල් ලීටර් 40ක් පමණක් නිකුත් කිරීම සීමා කිරීමට තීරණය කිරීම ඊට හේතුව බවයි.
ඔහු පැවසුවේ බස් රථයකට ලීටර් 40ක් පමණක් පොම්ප කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. බොහෝ බස් රථ දිගු දුර ගමන් කරන නිසා මෙම ගැටලුව පවතින බව කීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඩිපෝවල පහසුකම්ද ප්‍රායෝගික නැති බව පෙන්වා දෙන ඔහු, ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ ඔවුන්ගේ බස් සඳහා ඉන්ධන ලබා දීමට බවත් බවසයි.
බොහෝ ඩිපෝවලින් ඉන්ධන ලබාදීමට අල්ලස් ඉල්ලන බවත් ඒ නිසා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් (NTC) සම්පූර්ණ ටැංකියට ඩීසල් ලබා දෙන ඉල්ලීම ඉටුකරන ලෙස බලකරමින් වර්ජනයකට යන බව කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval