
ඊයේ (9)දහවල් මොරටුමුල්ල විල්ලෝරාවත්ත රජයේ පාසලේ සිසුවෙකු හදිසි අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
පාසලේ විවේක කාලයේදී තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග පාසලේ තිබූ යකඩ ඔන්චිල්ලාවක් පදින්නට ගිය මෙම 14 හැවිරිදි සිසුවා ඔන්චිල්ලාව කඩා වැටී එහි යකඩ කැබලි සමග ඇදවැටීම නිසා අනතුරට ලක්ව තිබේ.
බරපතල තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොාස් තිබුණි.
සිසුවා ඉඳිබැද්ද මොරටුව ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔන්චිල්ලාව කාලයක් තිස්සේ අලුත්වැඩියා නොකළ දිරාගිය එකක් බවද පොලිසිය පවසයි. සිසුවා සම්බන්ධ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval