bagawanthalawa-ensi

විදේශිය රටකින් නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගංජා මිශ්‍ර එක්ස්ටසි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු (06) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.





මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරිම සදහා ඇසුරුම් කර තිබු බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් හදුනාගෙන ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් සිව්දෙනාගේ නිවාස සහ බගවන්තලාව නගරයේ පිහිටි වෙළදසැල් පරික්ෂා කිරිමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනිමට හැකි වු බවයි .

එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පොලිස් භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැති බවත් බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
රංජිත් රාජපක්ෂ – හැටන්