
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී යුධ හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
අද (31) දින උදෑසන 0615 පමණ මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මහේන්ද්‍ර කැබ් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටියදී වයස අවුරුදු 32 සහ 36 හැවැරදි පුද්ගලයන් දෙදෙනෙකු යුධ හමුදා මන්නාරම මාර්ග බාධක රාජකාරි කරමින් සිටි 54 වන පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ 11 වන කාලතුවක්කු හමුදා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන එම මත්ද්‍රව්‍ය, කැබ් රථය සහ සැකකරුවන් මන්නාරම පොලිසිය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාර දී ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම මිලියන 150ක් පමණ වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval