
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර විපක්ෂයට ගොස් අසුන්ගෙන තිබේ.
ඒ අනුව ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා,
උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් අද දිනයේ සිට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබු බව වාර්තා විය.
මෙම පිරිස ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හේතු දක්වමින් මහාචාර්ය ජීඑල් පීරිස් පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ අතර සියලු දෙනා නැගිට එම තීරණය දන්වා සිටින ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval