wimal-statement

පසුගියදා ජුබිලි කණුව  ප්‍රදේශයේදී මහාමාර්ගයක්අසළ රූපවාහිනී මාධ්‍ය කන්ඩායම් සමග කථාබස් කරන්නට සූදානම් වූ අවස්ථාවක තමන් අපහසුතාවට ලක් කරමින් පුද්ගලයෙකුපැමිණ පහරදීමට උත්සාහ කළ බවත් ඒ සිදුවීම ගැන සොයා බැලූ තමාට එය පසුපස රූපවාහිනී නාලිකාවක් ඇති බව අවබෝධවී ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.


ඔහු කියා සිටින්නේ ඩෙවන් නමැති බර්ගර් ජාතික පුද්ගලයෙකු තමාට පහරදීමට පැමිණි බවයි. මෙම පුද්ගලයා පැමිණෙන්නට පෙර සිට රූපවාහිනී කාමරා කන්ඩායම් වලින් අදාළ නාලිකාවට අයත් කැමරාකරු සූදානමින් සිටි බවද මැදිරියේ අය ‘බඩු ආවද බඩු ආවද‘ යනුවෙන් පුද්ගලයාගේ වීඩියෝව එනතුරු බලා සිටි බවද විමල් වීරවංශ කියා සිටියි. සිද්ධිය අවස්ථාවේ අනිත්අය දන්නැති නිසා කැමරාවට නගන්නට අන් අයට නිසි ලෙස බැරිව ගියත් මෙම නාලිකාවට හැකි වී ඇතැයිද ඔහු කියයි.
තම නාලිකාවට ප්‍රචාරය පිනිස රනිල් විරෝධය පාවිච්චි කළ නාලිකාව කලාක් මෙන් මෙය කළ බවත් විමල් පවසන අතර ‘සිරස‘ නම නොකියා සිරසට චෝදනා කළේය.
විමල්ට පහරදීමට කෙනෙකු ආ හැටි වීඩියෝව පහතින්