
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සොයාගැනීමට නොහැකිවී වරෙන්තු පිට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN මාධ්‍ය නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වී ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබේ.
මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ 2019 වර්ෂයේදී ඇතිවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම, නව රජය බලයට පත්වීමෙන් පසුව ලබාදුන් බදු සහන සහ නව රජය විසින් කෘෂි කර්මාන්තයේ දී ගනු ලැබූ තීරණ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන කරුණු වූ බවයි.
මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වර්ථමානය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් බදු මුදල් ඉහළ දැමීම, නැවත කෘෂි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළ යුතු බවයි.
එමෙන්ම මුදල් මුද්‍රණය කිරීම, අයවැය තුලින් ගනු ලබන ක්‍රියා මාර්ග හරහා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට අපහසු බව ද ඔහු සඳහන් කර සිටියි.
2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ජාවට එක්ව තිබුනේ සිංගප්පුරුවේ සිටය.
Comments
Post a Comment
Your comment will be visible after approval