wimal-jubilee-post

 
ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා අද දින නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි සජබ මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මියගේ නිවසට ගොස් තිබුනෙ ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන සාකච්ඡාවක් පැවැත්වීමටය. එම සාකච්ඡාවෙන් පසු අතුරු පාරේ එළියට පැමිණි විමල් රැස්ව සිටි මාධයවේදීන් අමතා සාකච්ඡාව ගැන අදහස් පළ කරන්නට සූදානම් වූ අවස්ථාවේ ඒ ආසන්නයට පැමිණි පුද්ගලයෙක් 'උඹත් තව එක සතෙක් තමා' යයි පවසමින් විමල් වීරවංශට පහරදෙන්නට ආවේය. එම අවස්ථාවේ විමල් මන්ත්‍රීවරයාට ආරක්ෂාවට සිටි නිලධාරීන් එම පුද්ගලයා සමීප වීම වැළකූ අතර විමල් වහාම වාහනයට නැගී එතැනින් පිටව ගියේය.
සිද්ධිය අවස්ථාවෙහි වීඩියෝව පහතින්